දෙමළ ජන සංහාර ස්මාරකයට ලක් රජයෙන් දැඩි විරෝධයක්

දෙමළ ජන සංහාර ස්මාරකයට ලක් රජයෙන් දැඩි විරෝධයක්

කැනඩාවේ බ්‍රැම්ප්ටන්හි උද්‍යායනයක දෙමළ ජන සංහාර ස්මාරකයක් ඉදි කිරීම සම්බන්ධයෙන් විදේශ අමාත්‍ය අලි සබ්‍රි මෙරට කැනේඩියානු මහ කොමසාරිස්වරයා වෙත බලවත් විරෝධයක් පළ කර තිබෙනවා.

ඒ, ඔහු අද (16) අමාත්‍යාංශය වෙත කැඳවමින්.

අදාළ තීරණය සාමයට ලැදි මෙරට සියලු මිනිසුන් අකමැති තීන්දුවක් බව විදේශ අමාත්‍යාවරයා මෙහිදී සඳහන් කළ ඇත්තේ, ජන සංහාර චෝදනාවන් ද තරයේ ප්‍රතික්ෂේප කරමින්.

අදාළ ස්මාරකය ඉදිකිරීම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ද මෙහිදි කැනේඩියානු මහ කොමසාරිස්වරයාට දන්වා තිබෙනවා.