ටික ටික එළියට එන වසන්ත ඝාතනයේ තොරතුරු

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනය කිරීම සඳහා පැමිණි වෙඩික්කරුවන් දෙදෙනා හඳුනාගෙන ඇතැයි පොලීසිය පවසයි.
එමෙන්ම පොලිස් ආරංචි මාර්ග පැවසුවේ අදාළ ඝාතනයට සම්බන්ධ කාන්තාවක් ඇතුළු තවත් පුද්ගලයන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවය.
සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත අතුරුගිරියේදී වෙඩි තබා ඝාතනය කෙරුණේ ඉකුත් ජූලි 8 වනදාය.
ඒ අනුව විමර්ශන සිදුකළ පොලීසිය සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ජූලි 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.
අනතුරුව දීර්ඝ විමර්ශනයක් සිදුකළ පොලීසිය ඝාතනයට සම්බන්ධ කාන්තාවක් ඇතුළු තවත් සැකකරුවන් කිහිපදෙනෙකු පිළිබඳව අනාවරණ කරගෙන තිබේ.
වැඩිදුර පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ, ඝාතනයෙන් අනතුරුව වෙඩික්කරුවන්ට පළායෑම වෙනුවෙන්ම විශේෂ බස් රථයක් සූදානම් කර තිබී ඇති අතර ඔවුන් එමගින් පළාගොස් ඇති බවය.
වෙඩික්කරුවන් දෙදෙනා හිටපු ආරක්ෂක අංශ සාමාජිකයන් බවද පොලීසිය අනාවරණ කරගෙන තිබේ.
ඔවුන් දෙදෙනා ඇතුළු පිරිස මාස 6ක කාලයක් සඳහා රුපියල් ලක්ෂ 6ක මුදලක් ලබාදී අතුරුගිරිය ප්‍රදේශයෙන් කුලී නිවසක්ද ලබාගෙන සිට ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බස්නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන මහතාගේ සෘජු උපදෙස් මත සිදුකෙරේ.