නුවරට විශිෂ්ට ජයක්

නුවරට විශිෂ්ට ජයක්

LPL තරගාවලියේ 11 වැනි තරගය Jaffna Kings සහ Kandy Falcons අතර පැවැත්වුණු අතර එහි ජයග්‍රහණය හිමිකර ගැනීමට Kandy Falcons කණ්ඩායම සමත් වුණා.

ඒ කඩුලු 07කින්.

මුලින්ම පන්දුවට පහර දුන් Jaffna Kings කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 224ක් රැස් කළා.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ Kandy Falcons කණ්ඩායම පන්දුවාර 18යි පන්දු දෙකකදී කඩුලු 03ක් පමණක් දැවී ලකුණු 230ක් ලබාගෙන තරගය ජය ගත්තා.

මෙහිදී Kandy Falcons කණ්ඩායම වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් පන්දු 37කින් ලකුණු 89ක් මෙන්ම කමිදු මෙන්ඩිස් නොදැවී ලකුණු 65ක් සහ ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 29ක් රැස්කර ගනිමින් මහනුවර කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා.

Jaffna Kings කණ්ඩායම වෙනුවෙන් සුපිරි පිතිහරඹයක නිරත වූ පැතුම් නිස්සංක පන්දු 59කදී ලකුණු 119ක් රැස් කළා. මෙය ඔහුගේ පළමු T20 ශතකයයි.

Rilee Rossouw පන්දු 18ක් තුළ ලකුණු 41ක් රැස් කළා.

පන්දු යැවීමේදී Kandy Falcons වෙනුවෙන් කඩුලු 03ක් බිඳ හෙලුවා.

COMMENTS