සංචාරයට ඇරයුම් කල චීනය

සංචාරයට ඇරයුම් කල චීනය

චීන සංචාරයන්ට එක්වන ලෙස විවිධ රටවල විදේශිකයින්ට ඇරයුම් කරන බව චීනය පවසනවා. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning ඊයේ (4) පැවති මාධ්‍ය හමුවේ දී මේ බව ප්‍රකාශ කළා.

විදේශිකයන් තම රටට පැමිණ, සුන්දර දර්ශන මෙන්ම ප්‍රණීත ආහාර රසවිඳිමින්, විචිත්‍රවත් හා සැබෑ චීනය දැක බලා ගැනීම චීනයේ අපේක්ෂාව බවයි ඇය පෙන්වාදෙන්නේ.

මෙම වසරේ මුල් මාස පහ තුළ පමණක් මිලියන 12 කට අධික විදේශිකයන් පිරිසක් චීනයට පැමිණ ඇති අතර, මිලියන 7 කට වැඩි වීසා රහිත ප්‍රවේශ ද ඊට ඇතුළත්.

පසුගිය දා පැවති සාම්ප්‍රදායික චීන මකර බෝට්ටු උත්සව සමයේ පමණක් චීනයේ සංචාරයට එක් වූ විදේශිකයන් සංඛ්‍යාව පසුගිය වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 57% කින් වැඩි වී තිබෙනවා. චීනයේ සංචාරය කරන විදේශිකයන්ගේ වැඩි පහසුව උදෙසා විවිධ පහසුකම් අඛණ්ඩව ඉහළ නංවන බව ද වාර්තා වනවා.

COMMENTS