මී උණ ගැන අනතුරු ඇඟවීමක්

මී උණ ගැන අනතුරු ඇඟවීමක්

මේ වසර තුළ ගත වූ මාස 06ක කාලයේ මී උණ රෝගීන් 5,000ක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

මී උණ රෝග ලක්ෂණ හෝ උණ රෝග ලක්ෂණ තිබේනම් හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා ලෙසයි සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

ප්‍රධාන වශයෙන් මීයන්ගේ මූත්‍රාවල අඩංගු බැක්ටීරියාවකින් මී උණ රෝගය වැළඳීම සිදු වුවත්, සුනඛයින්ගේ, ගවයින්ගේ සහ ඌරන්ගේ මළ මූත්‍රාවලත් මෙම බැක්ටීරියාව අඩංගු බවටයි සෞඛ්‍ය අංශ සොයාගෙන ඇත්තේ.

COMMENTS