පොහොට්ටුවේ ප්‍රබලයින් රැසක් සජිත් පිලට එක්වෙයි

පොහොට්ටුවේ ප්‍රබලයින් රැසක් සජිත් පිලට එක්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ ස්වාධීන පළාත්පාලන නියෝජිතයින් රැසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහාය පළ කරමින් සමගි ජන බලවේගය හා එක්වුණා.

ඒ බදුල්ල දිස්ත්‍රික්කයේ ඌව පරණගම සහ ඇල්ල ප්‍රාදේශීය සභාවල හිටපු පළාත් පාලන නියෝජිතයින් පිරිසක් බදුල්ල දිස්ත්‍රික්කයේ ඌව පරණගම සහ ඇල්ල ප්‍රාදේශීය සභාවල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ ස්වාධීන මන්ත්‍රීවරුන් රැසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක් වී තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වූ සමන්ත කපිල රත්නායක, හේමාවතී කුමාරිහාමි සහ භාරත රණසිංහ ඇතුළු පිරිසක් ඒ අතරට අයත්.

එමෙන්ම ඇල්ල ප්‍රාදේශීය සභාවේ ස්වාධීන මන්ත්‍රීවරයකු වූ පී. සුරේෂ් මෙන්ම ඌව පරණගම ප්‍රාදේශීය සභාවේ උප සභාපති ආර්. ඩී. ගුණපාල හා මන්ත්‍රීවරුන් වන ඩී. එම්. කරුණාදාස සහ ඩී. අයි. රත්නපාලද මෙලෙස සමගි ජන බලවේගය හා එක්ව තිබෙනවා.

COMMENTS