කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මතයි

කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත 3 වැනි වර කියවීම මීට සුළු මොහොතකට පෙර සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබෙනවා.
කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමට ගෙන ආ සංශෝධන සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී ඡන්දයක් පැවැත් වුණා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග විසින් එම පනත් කෙටුම්පතට ඉදිරිපත් කළ සංශෝධනවලට පක්ෂව ඡන්ද 5ක් ද විපක්ෂව ඡන්ද 14ක් ද ලැබුණා.
ඒ අනුව කුමාරතුංග මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට ගෙනා සංශෝධන වැඩි ඡන්ද 09කින් ප්‍රතික්ෂේප වුණා.
මේ අතර ඔහු විසින් අදාළ පනත් කෙටුම්පතේ 04 වැනි වගන්තියට ද ඡන්ද විමසීමක් පැවැත් වුණා.
එහි දී ඊට පක්ෂව ඡන්ද 11ක් ද විපක්ෂව ඡන්ද 14ක් ද ලැබුණා.
ඒ අනුව එම සංශෝධනය වැඩි ඡන්ද තුන්කින් ප්‍රතික්ෂේප වුණා.
ඉන් අනතුරුව අදාළ වගන්තියට සංශෝධන රහිතව සභාව එකඟ වුණා.
ඒ අනුව කාන්තාවන් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී සම්මත වී තිබෙනවා.