සජිත්ගෙන් පොරොන්දුවක්

සජිත්ගෙන් පොරොන්දුවක්

යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ඉදිකිරීම් කටයුතු මෙම වසර අවසන් වීමට පෙර ආරම්භ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

යොජිත ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදිකිරීම වෙනුවෙන් වෙන්කර ඇති ඉඩම් නිරීක්ෂණයට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා.

එම අවස්ථාවේදී විපක්ෂ නායකවරයා යාපනය දිස්ත්‍රික් වැඩබලන දිසාපතිවරයාද දුරකථකයෙන් සම්බන්ධ කරගෙන මේ සම්බන්ධයෙන් තොතරතුරු විමසා සිටි අතර මේ සම්බන්ධයේ පාර්ලිමේන්තුවේ අවධානයට යොමු කිරීමට බලාපොරොත්තු වන බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කළේ.