ජාතික විභාග දෙකක ප්‍රතිඵල එළියට

ජාතික විභාග දෙකක ප්‍රතිඵල එළියට

ගුරු විද්‍යාල අවසාන විභාගය 2020 / 2021 (2023) සහ උපාධිධාරී නොවන නුපුහුණු ගුරුවරුන් සඳහා වන පුහුණු පාඨමාලා විභාගය 2022 (2023) ප්‍රතිඵල නිකුත් කළ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.

මෙම ප්‍රතිඵල අද (14) නිකුත් කළ බවයි නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

විභාගය සඳහා අයඳුම්කරුවන් 1,335ක් පෙනී සිට ඇති බවයි නිවේදනයේ දැක්වෙන්නේ.

ඒ අනුව එම ප්‍රථිපල https://www.doenets.lk/වෙබ් අඩවිය හරහා විභාග අංකය ඇතුලත් කිරීමෙන් ලබාගත හැකි බවයි නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසන්නේ.

COMMENTS