A/L ප්‍රතිඵල නැවත සමීක්ෂණ අයදුම්පත් කැඳවීම 19 වනදා දක්වා

A/L ප්‍රතිඵල නැවත සමීක්ෂණ අයදුම්පත් කැඳවීම 19 වනදා දක්වා

අපොස උසස් පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණ අයදුම්පත් කැඳවීම ඊයේ සිට ලබන 19 වනදා දක්වා ඔන්ලයින් ක්‍රමයට පමණක් සිදුකෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

උසස් පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සදහා පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන් තමන් විසින්ම අයදුම්පත් ඉදිරිපත් කළ යුතු වනවා.

විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය මගින් හෝ එම දෙපාර්තමේන්තුවේ නිල ජංගම දුරකතන යෙදවුම වන ඩී ඕ ඊ වෙත පිවිස එක්ස්සෑම් ඉන්ෆෝමේෂන් සෙන්ටර් මත ක්ලික් කිරීමෙන් එය සිදුකළ හැකි වනවා.

එසේ නැති නම් ඔන්ලයින් එක්ස්සෑම්ස් ඩොට් ජී ඕ වී ඩොට් එල් කේ ස්ලැෂ් ඊ අයි සී වෙත පිවිසිම මගින් ද නැවත සමීක්ෂණ අයදුම්පත් යොමුකළ හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

සාමාන්‍ය පොදු පරීක්ෂණය සදහා ලකුණු 30ට වඩා අඩුවීම හේතුවෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් නොලැබු අයදුම්කරුවන්ට ද එම විෂය සදහා නැවත සමීක්ෂණ අයදුම්පත්‍ර ඉදිරිපත් කළ හැකියි.