මධ්‍යම ගාසා තීරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් පලස්තීන වැසියන් 66 දෙනෙකු මරුට

මධ්‍යම ගාසා තීරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් පලස්තීන වැසියන් 66 දෙනෙකු මරුට

මධ්‍යම ගාසා තීරය ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායල එල්ල කළ ප්‍රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 66 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊශ්‍රායලය සිදුකරන අඛණ්ඩ ප්‍රහාර හමුවේ තුවාල ලබන පලස්තීන වැසියන්ට ප්‍රතිකාර සිදුකිරීම සදහා ප්‍රමාණවත් තරම් පහසුකම් මේ වන විට නොමැති බවයි ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරන්නේ. ගාසා තීරයේ පිහිටා ඇති ඇතැම් අවතැන් කදවුරු වෙත ඊශ්‍රායල පාබල හමුදා ඇතුල් වී ඇති බව ද වාර්තා වනවා.

මේ අතර ඊශ්‍රායලය ස්ථීර සාමයක් ප්‍රකාශයට පත්කරන තුරු හා ගාසා තීරයේ ඊශ්‍රායල සෙබළුන් ඉවත් කර ගන්නා තෙක් සටන් විරාමයකට එකග නොවන බව හමාස් සංවිධානය අද නිවේදනය කළා.

පසුගිය වසරේ ඔක්තෝබර් 7 වනදා සිට මේ දක්වා ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 36550 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර තුවාල ලබා ඇති සංඛ්‍යාව 82959ක් බවයි හමාස් සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.

https://tinyurl.com/3kvss2ma