රේල් පාරේ බස් රථය ධාවනය කළ රියදුරු රිමාන්ඩ්

කොළඹ රත්නපුර ප්‍රධාන මාර්ගයේ පුවක්පිටිය ප්‍රදේශයේදී අනතුරුදායක ලෙස දුම්රිය මාර්ගයේ බස් රථය ධාවනය කළ රියදුරු ජුනි මස 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙනවා.
ඒ පොලීසිය විසින් සැකකාර රියදුරු අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
සැකකාර රියදුරු ඇඹිලිපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අවිස්සාවේල්ල පොලීසියට භාරදී තිබුනා .
මෙහිදී පොලීසිය විසින් සැකකාර රියදුරුට එරෙහිව චෝදනා රැසක් ගොනුකර තිබෙනවා
මිනී මැරීමට තැත්කිරීම, රියදුරු බලපත්‍රය අත්හිටුවා තිබියදී රිය ධාවනය කිරීම, විෂ මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය කිරීම, රජයේ දේපොළවලට අලාභහානි සිදුකිරීම ඔහුට එරෙහිව එල්ලකර ඇති චෝදනා වනවා