නිවසකට පස් කන්දක් කඩා වැටී දෙදෙනෙකු මිය යයි

නිවසකට පස් කන්දක් කඩා වැටී දෙදෙනෙකු මිය යයි

නිවසකට පස් කන්දක් කඩා වැටී තරුණයින් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.

ඒ පල්ලෙවෙල ප්‍රදේශයේදීයි.

ඊයේ රාත්‍රී කාලයේ සිදුවූ එම සිද්ධියෙන් තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇල්ලේවෙල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මියගොස් ඇත්තේ, වයස අවුරුදු 20 හා 27 යන වයස්වල පසුවන දෙනගම ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.

මෘත ශරීර ඇල්ලේවෙල රෝහලේ තැන්පත් කර ඇති අතර දෙයියන්දර පොලීසිය වැඩිදුර විමර්ශ සිදු කරනවා.

COMMENTS