දෙවන පුහුණු තරගයේ ජය ශ්‍රී ලංකාවට

දෙවන පුහුණු තරගයේ ජය ශ්‍රී ලංකාවට

පන්දුවාර 20/20 ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන දෙවන පුහුණු තරගය අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව ඇමරිකාවේ ලොන්ඩර්හිල් හිදී ඊයේ (31) පැවැත්වුණා.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 41කින් අයර්ලන්තය පරදා මෙම තරගය ජය ගැනීමට සමත් වුණා.

තරගය මෙරට වේලාවෙන් අද රාත්‍රී 8 ට ආරම්භ වූ අතර, කාසියේ වාසිය දිනාගත් අයර්ලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.

ඒ අනුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුළු 08ක් දැවී ලකුණු 163ක් ලබා ගැනීමට සමත් වුණා.

පිළිතුරු ඉනිමට ලකුණු 164 ඉලක්කයක් සහිතව පිටියට පිවිසි අයර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 18යි පන්දු 02ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකිවුනේ ලකුණු 122ක් පමණයි.

නෙදර්ලන්තය සමඟ පසුගියදා පැවති පළමු පුහුණු තරගයේදී ලකුණු 20 කින් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වුණා.

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය හෙට ආරම්භවීමට නියමිත අතර, ශ්‍රී ලංකාව ඩී කාණ්ඩය යටතේ තරග වැදීමට නියමිතයි.

COMMENTS