රජයේ තේ වතු නිසිලෙස නඩත්තු නොකරන සමාගම්වල කාලය අවසන්

නිසි ලෙස තේ වතු නඩත්තු නොකරන වැවිලි සමාගම්වල ගිවිසුම් කාලය අවසන් කරන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර ශ්‍රී ලංකා තේ මණ්ඩලයට උපදෙස් දී තිබෙනවා.
රජයට අයත් තේ වතු කළමනාකරණය පුද්ගලික අංශයේ වැවිලි සමාගම්වලට බදු පදනම යටතේ පවරා දී ඇති නමුත් බොහෝ වැවිලි සමාගම් තමන් විසින් භාර ගත් තේ වතු නිසි පරිදි නඩත්තු නොකරන බව පෙනී කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට පෙනී ගොස් ඇති බවයි වාර්තා කරන්නේ.
විශේෂයෙන් රජය විසින් තේ වගාවන් සඳහා තේ පොහොර යෙදීම අනිවාර්ය කර ඇති අතර ඒ සඳහා සහනාධාර පදනම යටතේ තේ පොහොර ලබා දීමට ද පියවර ගෙන තිබෙනවා.
මෙම සහනාධාරය සඳහා ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් රුපියල් මිලියන 12,000ක මුදලක් වැය කරන බව සඳහන්.
අවශ්‍ය තරම් තේ පොහොර ද රජයට අයත් පොහොර සමාගම් මගින් නිෂ්පාදනය කර සපයා දී තිබෙනවා.
එමෙන්ම තේ වතුවල ඇති පැළ පුරප්පාඩු වී ඇති පැළ සිටුවීමට ද පියවර ගන්නා ලෙස දැනුම් දී ඇති නමුත් බොහෝ වැවිලි සමාගම් මෙතෙක් තේ වගාවන්ට පොහොර යෙදීමට හෝ පුරප්පාඩු වී ඇති ස්ථානවල පැළ සිටුවීමට ද කටයුතු කර නැහැ.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් එම සමාගම්වලට අවස්ථා කිහිපයක දී මේ බව දැනුම් දී ඇතත් වැවිලි සමාගම් එම තීරණ නොසළකා හැර තිබෙනවා.
මේ නිසා තේ දළු අස්වැන්න අඩු වන අතරම එමගින් ලැබෙන ආදායම ද අඩු වනවා.
තේ වතු නිසි පරිදි නඩත්තු කිරීමට පියවර නොගන්නා වැවිලි සමාගම්වල ගිවිසුම් කාලය අවසන් කරන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ශ්‍රී ලංකා තේ මණ්ඩලයට උපදෙස් ලබාදී තිබෙනවා. .
එමෙන්ම වැවිලි සමාගම් කිහිපයක් ඉතාමත් ර්ථකව තේ වතු නඩත්තු කිරීම, පොහොර යෙදීම සිදු කරන බව සඳහන්.
මේ නිසා ඔවුන්ගේ අස්වැන්න හා ආදායම් ද ඉහළ ගොස් තිබෙනවා.
එම වැවිලි සමාගම්වල කාලය නැවත වරක් දීර්ඝ කිරීමට පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරයා ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති නිරාජ් ද මැල් මහතාට උපදෙස් දී ඇති බවයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සඳහන් කරන්නේ.