අජිත් නිවාඩ්ට රට ගමන් යන්න අවසර

හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට විදේශ ගතවීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබා දුන්නා.
මහබැංකු බැදුම්කර නිකුත් කිරීමේදී ඇමෙරිකා ඩොලර් මිලියන 6.5 ක මුදලක් අහිමි කිරීමේ චෝදනාවට අදාළව අජිත් නිවාඩ් කබ්රාල් මහතාට විදේශ ගමන් තහනමක් පනවා තිබෙනවා.
රෝග පරික්ෂාව සදහා එංගලන්තයට යාමට අවශ්‍ය බවට කළ ඉල්ලීමකට අනුවයි මෙම අවසරය ලබා දුන්නේ.
ඒ ජුනි 07 වනදා සිට ජුලි 07 වනදා දක්වායි.
විදෙස් ගමන් තහනම සම්පූර්ණයෙන්ම ඉවත් කරන ලෙස කළ ඉල්ලීම මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කළා.