ලොව දුර්ලභම ගීත ඇල්බමය ඕස්ට්‍රේලියාවේදී එළියට

ලොව දුර්ලභම ගීත ඇල්බමය ඕස්ට්‍රේලියාවේදී එළියට

ලොව දුර්ලභම ගීත ඇල්බමයක් ඕස්ට්‍රේලියාවේදී ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර තිබෙනවා.

විසිතුරු රිදී පෙට්ටියක තැන්පත් කර ඇති එය වසර 6ක කාලයක් Wu-Tang Clan හිපොප් කණ්ඩායම විසින් පටිගත කරන ලද ලලිත කලා කෘතියක් ලෙස නිර්මාණය කර ලද්දක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Wu-Tang Clan හිපොප් කණ්ඩායම විසින් මෙතෙක් අලෙවි කර ඇති වඩාත්ම මිල අධික ගීත ඇල්බමය ද මෙය වනවා.

මෙම ගීත ඇල්බමය ප්‍රදර්ශනය කෙරෙන කාලය තුළ එය නැරඹීමට පැමිණෙන අයට මිනිත්තු 30ක කාලයක් එහි ඇතුලත් ගීත ඛණ්ඩ රස විඳීමට හැකියාව පවතින බව සඳහන්.

2006 සහ 2013 යන වසරවලදී නිව් යෝර්ක් නගරයේ පටිගත කරන ලද ගීත මෙම ගීත ඇල්බමය සඳහා ඇතුලත් කර තිබෙනවා.

https://tinyurl.com/yc73y5v9

COMMENTS