ජනතාව රැවටීමේ දේශපාලනයට තිත තැබිය යුතුයි

ජනතාව රැවටීමේ දේශපාලනයට තිත තැබිය යුතුයි

ජනතාවගේ ප්‍රශ්න වලට ඇත්ත උත්තර ලබා දුන්නා නම් රටට මෙවැනි ඉරණමක් අත් නොවන බවත් එම නිසා මේ රැවටීමේ දේශපාලනයට තිත තැබිය යුතු යැයි ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක වවුනියාවේ දී පැවසීය.

ජාතික ජන බලවේගයේ වවුනියා දිස්ත්‍රික් කාන්තා සමුළුව අමතමින් ඒ බව පැවසූ දිසානයක මහතා එහිදී මෙසේද කීය

ජනාධිපතිවරණය නියමිත පරිදි පවත්වන්න ඕන නමුත් ජනාධිපතිවරණය නොතියා තව අවුරුදු පහක් රනිල් වික්‍රමසිංහට දෙන්න ඕනෑ කියලා රංගෙ බණ්ඩාර කියා තිබුණා ඒ ගැන රංගෙ බණ්ඩාරට අවධාරණයෙන් කියන්නේ එහෙම කරන්න නම් ලංකාවේ තවදුරටත් ඉඩ නෑ කියලා වජිර අබේවර්ධනත් ඒ වගේ කතා දෙකක් කියලා තියෙනවා එකක රනිල් වික්‍රමසිංහට තව අවුරුදු දොළහක් ඉන්න ඕන කියන එකයි.

ජනාධිපතිවරණයට වෙන කවුරුවත් ඉල්ලන්නේ නැතුව රනිල්ට විතරක් ඉල්ලන්නෙ දෙන්න කියලයි මේකෙන් කියන්නේ ඔහුට ජය ගන්න බැරි බව ඒ අයත් පිළිගන්නවා කියන එකයි

දැන් සජිත් පේමදාසගේ රැස්වීම් ජසයා ලෙන්චිනා වගේ ගතියක් දැනෙනවා ඒකේ ලෙන්චිනා විතරයි අඩු මේ වනවිට ලංකාවේ මුළු දේශපාලනයේම ජාතික ජන බලවේගය වටා කේන්ද්‍රගත වී තිබෙනවා. ට පෙර යුතුකම් ඉටුකරන්න සලකන්න වගේ දේවල් කියමින් විවිධ කලාපවල විවිධ පක්ෂවලට ඡන්දය දුන් විශාල පිරිසක් එකතුවී සිටිනවා මෙතෙක් අනෙක් වලට ඡන්දය දුන් විශාල පිරිසක් අපත් එක්ක එකතු වීම නිසයි ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන්නේ මීට පෙර විශාල ලෙස දේශපාලනය ගැන උනන්දුවක් නොදැක්වූ සහ වෙනස් පක්ෂවලට ඡන්දය දුන්න අය අපේ වටා එක්වී ඉන්නේ ඇයි?

අප මේ රට ගොඩනගන බවට සහතිකයක් ද එතෙක් ජනතාවට අවශ්‍යය සහනාධාර ලබා දෙනවා ආණ්ඩුවක පළමුවැනි වගකීම ආහාර සෞඛ්‍ය අධ්‍යාපනය මූලික වගකීමක් ලෙස ගැනීමයි සෑම පුරවැසියෙකුටම ආහාර ලැබෙන සෞඛ්‍ය පහසුකම් ලබා දෙන සහ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන වැඩපිළිවෙළ අපි තහවුරු කරනවා

මේ රට දුප්පත් හිඟා කන්න ඕනෑ රටක් නෙවෙයි. ජනතාව මේ විදිහට දුක් විඳින්න ඕනෑ රටක් නෙවෙයි. ජනතාව බඩගින්නේ ඉන්න ඕනෑ රටක් නෙවෙයි ස්වභාවික සම්පත් සියල්ලෙන් පිරුණු රත්න දීපයක් මේක ඒ වගේ රත්න දීපයක් කන්න නැතුව මිනිස්සු මැරෙනවා. බේත් නැතුව මිනිස්සු මැරෙනවා. හරි හමන් නිවහනක් නැති අය ඉන්නවා. අපි ඔබ හැමදෙනාම එකතු වී හැමදෙනාටම ජීවත් විය හැකි රටක් ගොඩනගමු යැයි අනුර කුමාර දිසානායක කීය

COMMENTS