ශ්‍රී ලංකාව මුහුණදෙන පළමු පුහුණු තරඟය අද

ශ්‍රී ලංකාව මුහුණදෙන පළමු පුහුණු තරඟය අද

අමෙරිකා එක්සත් ජනපදය සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්හිදී පැවැත්වෙන 2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන පළමු පුහුණු තරඟය අද (28) පැවැත්වෙනවා.

එහිදී ශ්‍රී ලංකා පිල තරඟ වදින්නේ නෙදර්ලන්ත කණ්ඩායමට එරෙහිවයි.

නෙදර්ලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 08ට ආරම්භ වීමට නියමිතය.

අමෙරිකා එක්සත් ජනපදයේ ලෝඩර්හිල්හිදී එම තරඟ පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු තරග දෙකකට සහභාගී වීමට නියමිත අතර දෙවන පුහුණු තරගය ලබන සිකුරාදා අයර්ලන්ත කණ්ඩායම සමග පැවැත් වේ.

COMMENTS