විවාදයක් පවත්වනවා නම් පවත්වන්නේ නායකයින් දෙදෙනා අතර පමණයි

විවාදයක් පවත්වනවා නම් පවත්වන්නේ නායකයින් දෙදෙනා අතර පමණයි

විවාදයක් පවත්වනවා නම් පවත්වන්නේ නායකයින් දෙදෙනා අතර පමණක් බව ජාතික ජන බලවේගයේ විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

එළැඹීමට නියමතව තිබෙන්නේ ජනාධිපතිවරණයක් බවද, ලොව සාමාන්‍ය සම්ප්‍රදාය අනුව ජනාධිපතිවරණයක් ආසන්න වන විට එහි ප්‍රධාන අපේක්ෂකයන් අතර විවාද පවත්වනවා මිස, වෙනත් විවාද ප්‍රමුඛතාවයට නොගන්නා බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඒ අනුව නාකයින් අතර විවාදය ජුනි 6 වනදා පැවැත්විය යුතු බවද, එදින එම විවාදයට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සහභාගී නොවන්නේ නම් ඉන් ඉදිරියට විවාද සම්බන්ධයෙන් කිසිඳු කතාවක් නොමැති බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළා.

COMMENTS