රෝගීන්ට ලබා දෙන ආහාරවේලේ වෙනසක්

රෝගීන්ට ලබා දෙන ආහාරවේලේ වෙනසක්

සියළු රජයේ රෝහල්වල නේවාසික රෝගීන්ට ලබා දෙන ආහාරවේලේ වෙනසක් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍යවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ආහාරවේල් බන්දේසියක දමා, බත් සහ ව්‍යංජනය වෙන වෙනම අසුරා විනිවිද පෙනෙන දවටනයකින් ආවරණය කර රෝගියාගේ අතටම ලබාදීම නව වැඩපිළිවෙලින් සිදු කිරීමට නියමිතයි.

ඊට අමතරව, තරුපහේ හෝටල්වල සූපවේදීන් හරහා රෝහලේ ආහාර පිසින පුද්ගලයින්ට විශේෂ පුහුණුවක් සමග ඇඳුම් කට්ටලයක් ලබා දීමටත් තීරණය කර තිබෙනවා.

මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය එක් රෝගියෙකු වෙනුවෙන් වෙන්කරන මුදල් ප්‍රතිපාදනයන් වැඩි කර දීමට කැමැත්ත පළ කර ඇති බවත් ඉතිරි මුදල දානපතියන්ගෙන් සපයා ගැනීමට තීරණය කළ බවත් පෝෂණ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා.

මෙම වැඩසටහන ජූලි මාසයේ මහරගම අපේක්ෂා රෝහලෙන් ආරම්භ කිරීමට නියමිත බවත් පසුව ක්‍රමයෙන් රටපුරා රජයේ රෝහල්වල ක්‍රියාත්මක කිරීමටත් සැළසුම් කර ඇති බවටයි වාර්තා වෙන්නේ.

COMMENTS