රොකට්ටුවක් උඩු ගුවනේදී පුපුරා යයි

රොකට්ටුවක් උඩු ගුවනේදී පුපුරා යයි

උතුරු කොරියාව අභ්‍යවකාශ ගත කිරීමට සුදානම් වූ තවත් චන්ද්‍රිකාවක් රැගත් රොකට්ටුවක් උඩු ගුවනේ දී පුපුරා ගිය බව එරට මාධ්‍ය නිවේදනය කරනවා.

උතුරු කොරියාව ඔත්තු බැලීමේ චන්ද්‍රිකාවක් මීට පෙර අභ්‍යවකාශ ගත කළ අතර දෙවන චන්ද්‍රිකාවයි අභ්‍යවකාශ ගත කිරීමට මෙලෙස උත්සහ කර ඇත්තේ.

රොකට්ටුව ගමන් ආරම්භ කර ටික වේලාවකට පසු උඩු ගුවනේ දී පුපුරා ගොස් තිබෙනවා.

රොකට්ටුව පුපුරා යාමට හේතුව උතුරු කොරියාව අලුතින් නිෂ්පාදනය කළ ද්‍රව ඉන්ධන රොකට් මෝටරයේ දෝෂයක් බවටයි එරට / ජාතික අභ්‍යවකාශ තාක්ෂණ පරිපාලන ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ.

කෙසේ වුවද විමර්ෂණ තවදුරටත් ක්‍රියාත්මක බව එම ආයතනය පවසනවා.

https://tinyurl.com/3ezcz92h

COMMENTS