මැතිවරණ කල්දැමීම ප්‍රජාතන්ත්‍රවාදයට සුදුසු නෑ

මැතිවරණ කල්දැමීම ප්‍රජාතන්ත්‍රවාදයට සුදුසු නෑ

මැතිවරණ කල්දැමීම ප්‍රජාතන්ත්‍රවාදයට අනුකූල නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා අද (28) පැවසීය.

බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි එම පක්ෂයේ රැස්වීමකට සහභාගි වීමෙන් අනතුරුව නාමල් රාජපක්ෂ මහතා එසේ පැවසීය.

ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ කාලසීමාව දීර්ඝ කිරීම ප්‍රජාතන්ත්‍රවාදී රටක මූලික ප්‍රතිපත්තිවලට හානියක් බවත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බලයේ සිටි කාලයේදී වෙලාවට ඡන්ද පැවැත්තුවා මිස මැතිවරණ කල් නොදැමූ බවත් රාජපක්ෂ මහතා කීය.

දේශපාලන මෙන්ම රටක ස්ථාවරත්වය ඇති විය යුත්තේ ජනතා කැමැත්තෙන් මිස ඔවුන්ගේ හඬ ප්‍රමාද කිරීමෙන් නොවන බව ද නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.