පොලී අනුපාතික තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණයක්

පොලී අනුපාතික තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණයක්

ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතික තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කර තිබෙනවා.

මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (27) රැස්වූ අවස්ථාවේ දී මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සියයට 8.50 සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) සියයට 9.50 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වා ගැනීමට තීරණය කර තිබෙනවා.