ධීවර හා නාවික ප්‍රජාවන්ට විශේෂ දැනුම්දීමක්

ධීවර හා නාවික ප්‍රජාවන්ට විශේෂ දැනුම්දීමක්

සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයින වටා වන මුහුදු ප්‍රදේශ තවදුරටත් ඉතා රළුවන බැවින් නැවත දැනුම්දෙන තුරු පහත මුහුදු ප්‍රදේශවල යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවන්ට කාලගුන දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක් සිදුකරනවා.

ඒ අනුව, කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.5 – 3.0 ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බවයි එම නිවේදනයේ සඳහන්. (මෙය ගොඩබිමට එන රළ උස නොවේ)

මේ හේතුවෙන් කල්පිටිය සිට කොළඹ, ගාල්ල හරහා මාතර දක්වා ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක්ද පවතින බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

COMMENTS