ඉන්දියාවේ බෝම්බ බියක් – ගුවන් ගමනකුත් අවලංගු කෙරේ

ඉන්දියාවේ බෝම්බ බියක් – ගුවන් ගමනකුත් අවලංගු කෙරේ

ඉන්දියාවේ නවදිල්ලි නුවර – ඉන්දිරා ගාන්ධි ගුවන් තොටුපලෙන් දිල්ලි සිට වරණාසි දක්වා පියාසර කිරීමට නියමිතව තිබූ ගුවන් යානයක බෝම්බයක් ඇති බවට ලද තොරතුරක් මත එම ගුවන් ගමන අවලංගු කර තිබෙනවා.

අද (28) උදෑසන මෙම සිදුවීම වාර්තා වී ඇති අතර, එහිදී ගුවන් යානයේ සිටි සියලූම මගීන් පිටතට ගැනීමට ගුවන් තොටුපළ බලධාරීන් කටයුතු කර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා සදහන් කළේ.

ගුවන් යානය පිටත්වීමට සූදානම් වනවාත් සමගයි මෙම සිදුවීම වාර්තා වී ඇත්තේ.

https://tinyurl.com/57uvp3c5

COMMENTS