එන්නතක් තවත් ජීවිතයක් බිලිගනී

එන්නතක් තවත් ජීවිතයක් බිලිගනී

ප්‍රතිජීවක එන්නතක් අසාත්මික වීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ 17 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු මියයාම සම්බන්ධයෙන් රෝහල් බලධාරීන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

පිළිස්සුම් තුවාල ලබා 30 හැවිරිදි කලුතර ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා දින කිහිපයක සිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් පසුගියදා මෙම රෝගියාට තුවාල ආසාදනය වීම වළැක්වීම සඳහා චෙෆියුරොක්සින් නැමති ප්‍රතිජීවක ඖෂධයේ පළමු මාත්‍රාව ලබා දී තිබුණා.

ඉන් අනතුරුවයි ඇති වූ ආසාත්මිකතාවක් හේතුවෙන් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

මීට පෙරද ප්‍රතිජීවක එන්නත් ලබා දීමේදී ඇති වූ ආසාත්මිකතා මත පුද්ගලයින් මිය යෑමේ සිද්ධීන් වාර්තා වී තිබුණා.

එවන් පසුබිමකයි ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වීමේ සිද්ධියකට හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුලු 8 දෙනෙකුට එරෙහිව අධිකරණයේ නඩුවක්ද විභාග වෙමින් පවතින්නේ.

චෙෆියුරොක්සින් නැමති මෙම ප්‍රතිජීවක ඖෂධය ද හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පාලන සමයේ හදිසි මිලදී ගැනීම් යටතේ ගෙන්වූ ඖෂධයක් බවයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව ප්‍රකාශ කළේ.

COMMENTS