මැයි 26 සිට ජාතික ඩෙංගු මර්දන සතියක්

මැයි 26 සිට ජාතික ඩෙංගු මර්දන සතියක්

වර්ෂාව ලැබීමත් සමඟ කොළඹ නගරයේ ඇති විය හැකි ඩෙංගු අවදානම අවම කර ගැනීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නා.

මැයි 26 සිට ජුනි 01 දක්වා ක්‍රියාත්මක වන ඩෙංගු මර්දන සතිය තුළ අධ්‍යාපන අමාත්‍යංශය හරහා පාසල් දරුවන් සහ දෙමාපියන් දැනුවත් කිරීමට විශේෂ දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් සකස් කරන ලෙසද ඒ මහතා උපදෙස් දුන්නා.

මීට අමතරව රාජ්‍ය ආයතන, ආගමික ස්ථාන, සහ නව ගොඩැගිලි ආශ්‍රිතව ඩෙංගු ව්‍යාප්තවීමේ අවදානම අඩු කිරීම සඳහා කටයුතු කරන ලෙස බලධාරීන්ට උපදෙස් ලබා දුන් සාගල රත්නායක මහතා මෙම වැඩපිළිවලට අනුගත නොවන පිරිස් සඳහා නීතිය ක්‍රියාත්මක කරන ලෙසද අදාළ අංශ දැනුවත් කළා.

සාගල රත්නායක මහතා මෙම උපදෙස් ලබා දුන්නේ පසුගියදා (20) ජනාධිපති කාර්යාලයේ පැවති ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීමට ගෙන යන වැඩපිළිවෙළේ වත්මන් තත්ත්වය පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීමේදීයි.

COMMENTS