බංග්ලාදේශය කම්පනයට පත් කරමින් එක්සත් ජනපදයට ජයක්

එක්සත් ජනපදය, ටෙක්සාස්හිදී කඩුලු 5 කින් බංග්ලාදේශය ක්‍රිකට් කණ්ඩායම පරාජය කිරීමට ඊයේ සමත් වුණා.
පළමුවෙන් පන්දුවට පහර දුන් බංගලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20තුළ කඩුලු 6 දැවී ලකුණු 153ක් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ එක්සත් ජනපදය කණ්ඩායම පන්දු 3ක් ඉතිරිව තිබියදී තරගය ජයගනු ලැබුවා.
20යි 20 ශ්‍රේණිගත කිරීම් වල 19වන ස්ථානයේ පසුවන එක්සත් ජනපදය කණ්ඩායම ලොව 9 වැනි ස්ථානයේ සිටින බංග්ලාදේශය කම්පනයට පත් කළ තරගයක් ලෙසයි ක්‍රිකට් විචාරකයින් පෙන්වා දෙන්නේ.