සුළඟින් ගම්පහ තොරණට හානි

සුළඟින් ගම්පහ තොරණට හානි

ගම්පහ ප්‍රදේශය හරහා හඹා ගිය තද සුළං තත්ත්වයක් හේතුවෙන් අස්ගිරිය ඇනිකට් හන්දිය අසල ඉදිකරමින් තිබූ වෙසක් තොරණට දැඩි ලෙස හානි සිදුව තිබිණි.

තොරණ කඩා වැටීම මත විදුලි සහ දුරකථන රැහැන්වලට හානි සිදුවීමෙන් අවට ප්‍රදේශයන්ට විදුලිය විසන්ධි වීමක් සිදුව තිබූ අතර අසල තිබූ වාහනයකටද හානි සිදු වී තිබුණි.

මෙම සිදුවීමෙන් පසුව ගම්පහ – මිනුවන්ගොඩ මාර්ගයේ දැඩි වාහන තදබදයක් ද හටගෙන තිබුණා.