ජනප්‍රිය නිලිය මියයාමත් සමඟ ජනප්‍රිය නළුවාත් දිවිය හැරයයි

ජනප්‍රිය නිලිය මියයාමත් සමඟ ජනප්‍රිය නළුවාත් දිවිය හැරයයි

තෙළිඟු රූපවාහිනී නළු චන්ද්‍රකාන්ත් තෙලන්ගානා ප්‍රාන්තයේ අල්කාපූර්හි පිහිටි ඔහුගේ නිවසේ මියගොස් සිටියදී සොයා ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තාකර සිටින්නේ ඔහුගේ සම නිළිය සහ ආදරණීය මිතුරිය වූ පවිත්‍රා ජයරාම් රිය අනතුරකින් පසුගිය දා ජීවිතක්ෂයට පත් වූ අතර එම සිදුවීමත් සමඟ දැඩි සේ කම්පාවට පත්ව සිටි ඔහු එම නිසා සියදිවි නසාගෙන ඇති බවටයි.

ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තාකර සිටියේ මොවුන් දෙදෙනා පෙම්වතුන් බවයි.

පවිත්‍රා ජයරාම්ගේ රිය අනතුර සිදුවූයේ බස් රථයක් ඇගේ මෝටර් රථයේ ගැටීමෙන් එය පාලනය කරගත නොහැකිවීමෙන්.

හයිද්‍රාබාද් සිට වනපර්ති දක්වා ධාවනය වූ බස් රථය ඇගේ වාහනයේ දකුණු පැත්තේ ගැටී බරපතල තුවාල ලැබූ පවිත්‍රා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වුණා.

පවිත්‍රා සමඟ වාහනයේ ගමන් ගත් ඇයගේ ඥාති සොහොයුරියක් වන අපේක්ෂා, රියදුරු ශ්‍රීකාන්ත් බරපතල තුවාල ලැබුවා..

ඇය කර්නාටක ප්‍රාන්තයේ මන්ඩියා දිස්ත්‍රික්කයේ හණකෙරේ වෙත ආපසු යමින් සිටියදී මෙම අනතුර සිදුවුණා.

චන්ද්‍රකාන්ත්ගේ පියා පොලිසියට කළ ප්‍රකාශයට අනුව, ඔහු පවිත්‍රාගේ මරණයෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටි අතර ඔහුගේ අභාවයට පෙර දින කිහිපය තුළ මානසික අවපීඩනයට ලක්ව සිටි බවයි වාර්තා වෙන්නේ.

චන්ද්‍රකාන්ත් නොහොත් චන්දු, සුප්‍රසිද්ධ රූපවාහිනී නළුවෙකු වූ අතර පවිත්‍රා ජයරාම් තෙළිඟු සහ කන්නඩ කර්මාන්ත දෙකෙහිම ජනප්‍රිය රංගන ශිල්පිනියක වූවා.

චන්ද්‍රකාන්ත් පවිත්‍රාගේ වියෝව ගැන දැඩි ලෙස ශෝක වෙමින්, සිය ඉන්ස්ටග්‍රෑම් පිටුවේ මෙලෙස සටහනක් තබා තිබුණා.

”ඔබ මාව තනි කළ බව මට දරාගත නොහැක. කරුණාකර නැවත වරක් මා වෙනුවෙන් කතා කරන්න, . මගේ පවී දැන් නෑ… කරුණාකරලා ආපහු එන්න.”

https://shorturl.at/niTDv

COMMENTS