සංක්‍රමණිකයින් රැගත් යාත්‍රාවක් අතුරුදන් වෙයි

සංක්‍රමණිකයින් රැගත් යාත්‍රාවක් අතුරුදන් වෙයි

යුරෝපය බලා ගමන් කරන සංක්‍රමණිකයින් විසි තුන්දෙනෙකු රැගත් යාත්‍රාවක් ටියුනීසියානු මුහුදු කලාපයේදී අතුරුදන්ව තිබෙනවා.

මේ අනුව අතුරුදන්වූ පුද්ගලයින් සොයා එරට නාවික හමුදාව සෝදිසි කිරීම් සහ මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

යුරෝපය බලා ගමන් කරන නීතිවිරෝධී සංක්‍රමණිකයින්ගේ ප්‍රධාන පිටත්වීමේ මධ්‍යස්ථානයක් ලෙස ටියුනීසියාව හැඳින්වෙනවා.

එමෙන්ම පසුගිය පෙබරවාරි මාසයේදී ටියුනීසියාවේ වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී මෙවැනි යාත්‍රාවක් ගිලී යාමෙන් සුඩාන ජාතිකයන් 13 දෙනෙකු මියගිය අතර, තවත් 27 දෙනෙකු අතුරුදන්ව තිබුණා.

COMMENTS