ඩෙංගු රෝගීන් ඉහළ යාමේ අවදානමක්

ඩෙංගු රෝගීන් ඉහළ යාමේ අවදානමක්

පවතින වර්ෂාපතනය හේතුවෙන් ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් දැකිය හැකි බව සෞඛ්‍ය බලධාරීන් පවසනවා.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කර සිටියේ ඩෙංගු ව්‍යාප්තිය මැඩලීම සඳහා පළාත් පාලන ආයතන සහ සෞඛ්‍ය සංවිධාන අඛණ්ඩව වෙහෙස නොබලා කටයුතු කරන බවයි.

පසුගිය දිනවල ඇදහැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් ඩෙංගු මර්දනය කිරීම සඳහා අවට පරිසරය පිරිසිදුව තබාගෙන මදුරුවන් බෝවන ස්ථාන විනාශ කරන ලෙස සෞඛ්‍ය නිලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

COMMENTS