අයහපත් කාලගුණය හේතුවෙන් රියදුරන්ට විශේෂ දැනුම්දීමක්

අයහපත් කාලගුණය හේතුවෙන් රියදුරන්ට විශේෂ දැනුම්දීමක්

කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් පෙන්නුම් කරන බැවින් එම ප්‍රදේශ ආශ්‍රිතව මාර්ගයේ ගස් යට වාහන නතර කිරීමේදී අවධානයෙන් කටයුතු කරන ලෙස බලධාරීන් ‍රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

එමෙන්ම, නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවිඩයක් ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල, හපුතලේ, හාලි ඇල, බදුල්ල යන ප්‍රදේශ සඳහාත්,

කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයත්,

ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයත්,

කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර, බුලත්සිංහල, අගලවත්ත, ⁠මතුගම, වලල්ලාවිට යන ප්‍රදේශ සඳහාත්,

මහනුවර දිස්ත්‍රික්කයේ ගඟවට කෝරළය, උඩුදුම්බර, උඩපලාත, උඩුනුවර, ගඟ ඉහළ කෝරළය, පස්බාගේ කෝරළය යන ප්‍රදේශ සඳහාත්,

කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, මාවනැල්ල, ⁠දෙහිඹ්විට,⁠ බුලත්කොහුපිටිය, ⁠ගලිගමුව, ⁠වරකාපොල, ⁠කෑගල්ල, දැරණියගල, රුවන්වැල්ල යන ප්‍රදේශ සඳහාත්,

රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ, ⁠රත්නපුර, ⁠ඉඹුල්පේ, ⁠කලවාන, ⁠කිරිඇල්ල, ⁠කුරුවිට, ඇහැළියගොඩ, ⁠අයගම, ⁠ඇලපාත යන ප්‍රදේශ සඳහාත් නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.