යුද විජයග්‍රහණයට අදට වසර 15‍‍‍යි

යුද විජයග්‍රහණයට අදට වසර 15‍‍‍යි

LTTE ත්‍රස්තවාදය පරාජය කළ වීරෝධාර රණවිරුවන් රටට සැබෑ නිදහස උදාකර දී අදට වසර 15 ක් සපිරෙනවා.

2009 වසරේ මැයි 18 වනදා නන්දිකඩාල් කලපුවේදී LTTE නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් රණවිරුවන් අතින් ජිවිතක්ෂයට පත්වීමත් සමඟ එතෙක් පැවැති කුරිරු යුද්ධය නිමාවට පත්වුණා.

එය ලොව විශාලතම මානුෂීය මෙහෙයුම මඟින් ප්‍රාණ ඇපයේ සිටි සිවිල් වැසියන් දහස් ගණනක් LTTE ග්‍රහණයෙන් මුදා ගැනීමේ ගෞරවය ද මෙරට ආරක්ෂක අංශ වෙත හිමි වෙනවා.

එමෙන්ම රණවිරු දින සැමරුම් උත්සවය හෙට (19) පස්වරුවේ බත්තරමුල්ල පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේ රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වීමට නියමිතය.

හෙට පස්වරු 4.00 ට රණවිරු දින සැමරුම් උත්සවය පැවැත්වීමට නියමිත අතර ඒ හේතුවෙන් සවස 3 සිට පොල්දූව හංදිය සහ කියැන්හෑම් හංදියෙන් පාර්ලිමේන්තු මාර්ගයට ඇතුළු වීමේ මංතීරුව සහ පිටවීමේ මංතීරුව වසා තැබෙන බව පොලීසිය සඳහන් කළේය.

COMMENTS