රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම ගැන දැනුම් දීමක්

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම ගැන දැනුම් දීමක්

මෙම වර්ෂය තුළ රාජ්‍ය සේවකයින්ට නැවත වැටුප් වැඩි කිරීමක් සිදුකළ නොහැකි බව ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයට දැනුම්දුන් බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

සත්ත්ව නිෂ්පාදන හා පශු සම්පත් සංවර්ධන අංශයට අයත් සේවක මණ්ඩල කිහිපයක් නියෝජනය කරන වෘත්තිය සමිති නිලධාරින් සමග ඔවුන්ගේ ගැටලු සම්බන්ධයෙන් පෙරේදා (15) පැවති සාකච්ඡාවේ දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

එම වෘත්තිය සමිති නියෝජිතයින් ඉදිරිපත් කළ ගැටලු රැසකට විසඳුම් ලබා දීමට එකඟත්වය පළ වී ඇති අතර, මෙම වසර තුළ නැවත වැටුප් වැඩිවීමක් ලබා දෙන ලෙස සියලු වෘත්තිය සමිති නියෝජිතයින් අමාත්‍යවරයාගෙන් ඉල්ලිමක් කර තිබේ.

ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කර ඇත.

නැවත රජයේ සේවකයින් සඳහා වැටුප් වැඩිවීමක් සිදුවන්නේ ලබන වසරේ දී බවත්, මෙම වසර තුළ නැවත වැටුප් වැඩිවීමක් සිදු කළහොත් රට ආර්ථික වශයෙන් නැවතත් කඩා වැටීමකට ලක්විය හැකි බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

මේ වසරේ දී රාජ්‍ය සේවකයින්ට රු 10,000ක වැටුප් වැඩිවීමක් සිදුවුණි.

මෙම සාකච්ඡාවන්ට පශු වෛද්‍යවරුන්ගේ සංගමය, සත්ව සංවර්ධන උපදේශකවරුන්ගේ සංගමය හා පශු සංවර්ධන අංශයේ කම්කරුවන් නියෝජනය කරමින් නියෝජිතයෝ රැසක් සහභාගි වූහ.

COMMENTS