රටින් එන ලොකු ලූනුවලටත් බද්දක්?

රටින් එන ලොකු ලූනුවලටත් බද්දක්?

ආනයනික ලොකු ලූනු සඳහා බද්දක් පනවන්නැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගෙන් ඉල්ලා තිබෙනවා.

ලිපියක් යොමු කරමින් ඔහු පෙන්වා දී ඇත්තේ, ලොකු ලු‍නු ගොවීන් ආරක්ෂා කර ගැනීම සඳහා අවම වශයෙන් ලොකු ලූණු කිලෝවක් සදහා රුපියල් 250ක මිලක්වත් පවත්වා ගත යුතු බවයි.

මේ වන විට දේශීය වෙළඳපොලේ ලොකු ලූනු මිල ශීඝ්‍රයෙන් පහත බසිමින් පවතින අතර මෙම තත්ත්වය තවදුරටත් පැවතියහොත් මෙරට ලොකු ලූණු ගොවීන්ට දැඩි අසාධාරණයක් සිදුවන බව රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කර තිබෙනවා.

COMMENTS