යුක්‍රේන ප්‍රහාරයකින් රුසියානු ප්‍රහාරක ගුවන් යානා තුනක් විනාශයි

යුක්‍රේන ප්‍රහාරයකින් රුසියානු ප්‍රහාරක ගුවන් යානා තුනක් විනාශයි

ක්‍රිමියාවේ ගුවන් හමුදා කඳවුරකට යුක්‍රේනය සිදු කළ ප්‍රහාරයකින් රුසියානු ප්‍රහාරක ගුවන් යානා තුනක් විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා

එමෙන්ම එහි ප්‍රධාන ධාවන පථය අසල ඉන්ධන පහසුකම් ද විනාශ වී ඇති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ

එක්සත් ජනපද වාණිජ චන්ද්‍රිකා සමාගමක් ලබාගත් චන්ද්‍රිකා ඡායාරූප උපුටා දක්වමින් පෙන්වා දී ඇත්තේ MiG-31 ප්‍රහාරක ජෙට් යානා දෙකක් සහ Su-27 ප්‍රහාරක ජෙට් යානයක් විනාශ වී ඇති බවයි

එමෙන්ම එහි MiG-29 ප්‍රහාරක ගුවන් යානයකට ද හානි සිදුවී ඇති බව පෙනෙන්නට පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

https://shorturl.at/rxI9Y