ග්‍රාම නිලධාරීන්ගෙන් රතු එළියක්

ග්‍රාම නිලධාරීන්ගෙන් රතු එළියක්

සේවා ව්‍යවස්ථාවක් ලබා දීම සහ දීමනා ගැටලුවක් මුල් කරගනිමින් දියත් කර ඇති වෘත්තිය ක්‍රියාමාර්ගය වෙසක් සතියෙන් අනතුරුව තවදුරටත් දැඩි කිරීමට ග්‍රාම නිලධාරී සංගම් තීරණය කර තිබෙනවා.

ඔවුන් පෙරේදා සිට සේවා කටයුතුවලින් ඉවත් වූ අතර ඊයේ දිනයෙන් එම වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කරනු ලැබුවා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමයේ සභාපති නන්දන රණසිංහ කොළඹ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් සදහන් කළේ, සිය ගැටලු සදහා ආණ්ඩුව නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ නම් වෘත්තිය ක්‍රියාමාර්ගය දැඩි කරන බවයි.

මේ අතර සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානය පළාත් මට්ටමින් සිදුකරන වර්ජනය ඊයේ දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් ඊයේ උදෑසන 8 සිට දහවල් 12 දක්වා පැවැත්වුණා.

මේ හේතුවෙන් රෝගීන් අපහසුතාවයට පත් වුණා.

COMMENTS