ගංවතුර ඇතිවීමේ අවදානමක්

ඉදිරි දිනවල තද වැසි ඇති වුවහොත් ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.
ඒ අනුව, කළු, කැලණි, ගිං, නිල්වලා ගංගා සහ දැදුරු, මහ, අත්තනගලු, කලා, මල්වතු ඔය (මින් එකක හෝ කිහිපයක) පහත්බිම් ආශ්‍රිතව ඇතිවිය හැකි බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ.