රාජ්‍ය ඇමති ශෙහාන්ට මරණ තර්ජනයක්

රාජ්‍ය ඇමති ශෙහාන්ට මරණ තර්ජනයක්

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ඝාතනය කරන බව පවසමින් රාජ්‍ය අමාත්‍ය කාර්යාලය වෙත දුරකතන ඇමතුමක් ලැබී තිබෙනවා

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ පැමිණිල්ලකට අනුව කොටුව පොලීසිය මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බව සඳහන්.

ඊයේ (15) පස්වරුවේ අදාළ ඇමතුම ලැබී ඇති අතර එමගින් පවසා ඇත්තේ ඉදිරි මැතිවරණ කටයුතු සඳහා ඉදිරිපත් වීමට අමාත්‍යවරයාට ඉඩ නොතබන බවයි.

මෙම තර්ජනය නොසලකා හැර කටයුතු කළ හොත් ‘ටයර් දමා පුළුස්සන බවත්’ කියමින් අදාළ පාර්ශ්වය මගින් තර්ජනය කළ බවයි කොටුව පොලිසිය වෙත කළ පැමිණිල්ලේ සඳහන්ව ඇත්තේ.

තර්ජනය සිදු කළ පුද්ගලයාගේ දුරකතන අංකය පිළිබඳ විස්තර සොයා බැලීම සඳහා අධිකරණය අවසර ගැනීම පොලීසිය විසින් අද (16) දිනය තුළ සිදු කිරීමට නියමිත යි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශෙහාන් සේමසිංහ මහතා පැවසුවේ මෙය පැරැණි ඝාතන සංස්කෘතියක නව හිස වීමක් විය හැකි බවත් දේශපාලනික වශයෙන් සිය ගමන අඩපණ කිරීම සඳහා මෙම ක්‍රියාව සංවිධානාත්මකව සිදු කරන එකක් විය හැකි බවයි.

COMMENTS