මධ්‍යම පරිසර අධිකාරියෙන් ඉල්ලීමක්

මධ්‍යම පරිසර අධිකාරියෙන් ඉල්ලීමක්

සම්බුදු තෙමඟුල සමරන වෙසක් සමයේ විවිධාකාරයෙන් සිදුකරනු ලබන සැරසිලි සඳහා පොලිතින්, ප්ලාස්ටික් භාවිතා නොකරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය ඉල්ලා සිටී.

වෙළෙඳපොළ නිරීක්ෂණය කරන විට පොලිතින්, ප්ලාස්ටික්වලින් සමන්විත විවිධාකාරයේ වෙසක් සැරසිලි මේ දිනවල දැකගත හැකි බවත් එවැනි නිෂ්පාදන වෙනුවට පරිසර හිතකාමී විකල්ප සැරසිලි සඳහා යොමුවන ලෙසත් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති වෙනුර ප්‍රනාන්දු මහතා ඉල්ලා සිටී.

2017 සැප්තැම්බර් 01 වැනි සිකුරාදා නිකුත් කළ අංක 2034/37 දරන ගැසට් පත්‍රය අනුව සියලුම පොලිතින්, පොලිප්‍රොප්ලින් ඇතුළු නොදිරන ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් වැලකී සිටින ලෙසට දැනුම් දී ඇති බවත්, එය උල්ලංඝනය කරන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවට දැනුම් දී තිබෙන බවත් ඒ මහතා කියා සිටී. එම චක්‍රලේඛය තවමත් වලංගු බවද ඔහු කියා සිටී.

COMMENTS