ඇල්ල – වැල්ලවාය මාර්ගය තාවකාලිකව වැසේ

ඇල්ල – වැල්ලවාය මාර්ගය තාවකාලිකව වැසේ

ඇදහැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් ඇල්ල-වැල්ලවාය මාර්ගය අද (16) සවස 6 සිට තාවකාලිකව වසා දමා තිබෙනවා.

හෙට (17) උදෑසන 6 දක්වා බලපැවැත්වෙන පරිදි එම මාර්ගය මෙලෙස වසා දැමෙන බවයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කළේ.

මලිතගොල්ල ප්‍රදේශය ඇතුළු ප්‍රදේශ කිහිපයක එම මාර්ගයේ පවතින අවදානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින් අදාළ පියවර ගෙන ඇති බව සඳහන්.

ඒ අනුව විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය ජනතාවට දැනුම්දෙන්නේ.

COMMENTS