අත්‍යාවශ්‍ය භාණ්ඩ 11ක මිල ගැන විශේෂ දැනුම්දීමක්

අත්‍යාවශ්‍ය භාණ්ඩ 11ක මිල ගැන විශේෂ දැනුම්දීමක්

ලබන 19 වනදා දක්වා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය අළෙවි කළ යුතු ඇස්තමේන්තු සිල්ලර මිල පරාසයන් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය නිකුත් කර තිබෙනවා.

භාණ්ඩ වර්ග 11 ක් ඊට ඇතුළත් කර ඇති අතර තිරිගු පිටි කිලෝවක් රුපියල් 179 සහ 189 අතර මිලකටත්, සුදු සීනි කිලෝවක් රුපියල් 258 ත් 175 ත් අතර මිලකටත්, පරිප්පු කිලෝවක් රුපියල් 288ත් 302 ත් අතර මිලකට අළෙවි කළ යුතු බවයි පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සදහන් කළේ.

සුදු බිත්තරයක් රුපියල් 41 ත් 43 ත් අතර මිලකට සහ දුඹුරු බිත්තරයක් රුපියල් 45 ත් 47 ත් අතර මිලකට අළෙවි කළ යුතු බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය කියා සිටියා.