Lumala Eco Ride – ලබන 21 වැනිදා ඇරඹෙයි

Lumala Eco Ride – ලබන 21 වැනිදා ඇරඹෙයි

ශ්‍රී ලංකාවේ ජනප්‍රිය විද්‍යුත් පාපැදි ඉසව්වක් ලෙස ප්‍රකට Lumala Eco Ride 2.0 මැයි 21 සිට මැයි 27 දක්වා මධ්‍යම කඳුකරයේ දී පැවැත්වීමට නියමිත ය. ප්ලාස්ටික් කළමනාකරණය කරමු, පරිසරය සුරකිමු යන තේමාව යටතේ මෙවර Eco Ride වැඩසටහන පැවැත්වේ.

තිරසරභාවය සහ විද්‍යුත් ගමනාගමන ක්‍රමවේද භාවිතයේ වැදගත්කම පිළිබඳ සමාජය දැනුවත් කිරීම අරමුණු කරගත්, Eco Ride වැඩසටහනට දිවයිනේ නන්දෙසින් ශ්‍රී ලාංකිකයින් සහභාගී වීමට නියමිතය. ඊට, බිම් මට්ටමේ පරිසර සංවිධාන, විශ්වවිද්‍යාල සිසුන්, ප්‍රජා සංවිධාන, පළාත් පාලන ආයතන, අමාත්‍යංශ, පාපැදි කණ්ඩායම්, පාපැදි ධාවකයින්, සමාජ මාධ්‍ය බලපෑම්කරුවන් මෙන්ම සංචාරකයින් ද ඇතුළත් වනු ඇත.

පානදුර නගරයෙන් ආරම්භ වන Eco Ride, පැල්මඩුල්ල හරහා හපුතලේ වෙත සහ අනතුරුව දර්ශනීය හෝර්ටන්තැන්න හරහා නුවරඑළියටත් ගමන් කිරීමට නියමිතය. ඉන් අනතුරුව නුවරඑළියේ සිට මහනුවර, කෑගල්ල හරහා නැවත කොළඹ බලා ගමන් කරනු ඇත.

ඉකුත් වසරේ මාර්තු මාසයේදී පැවැති Eco Ride වැඩසටහන මගින් පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා කිලෝමීටර 800කට අධික ප්‍රමාණයක් ආවරණය කෙරුණි.

City Cycle Industries Manufacturing සමාගම ප්‍රධාන අනුග්‍රහකත්වය දක්වන මෙම තරගාවලිය සඳහා සංචාරක අමාත්‍යංශය ඇතුළු විවිධ ආයතන සහ සංවිධාන රැසක් සහයෝගීතාවය දක්වයි

COMMENTS