ෆොක්ස් හිල් රේස් එකේ මාරක අනතුරක් – 7ක් මරුට – ඉතිරි ධාවන තරඟ අත්හිටුවයි (Video)

ෆොක්ස් හිල් රේස් එකේ මාරක අනතුරක් – 7ක් මරුට – ඉතිරි ධාවන තරඟ අත්හිටුවයි (Video)

දියතලාව මෝටර් රථ ධාවන තරගාවලිය අතර තුර බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.

ඒ අනුව තරගාවලියේ ධාවනය වෙමින් පැවති මෝටර් රථයක් පෙරලීමෙන් පුද්ගලයන් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පුද්ගලයන් 21 දෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ.

පොලීසිය පවසන්නේ මෙම අනතුරත් සමග පැවැත්වීමට නියමිතව තිබූ ඉතිරි සියලු ධාවන තරග මේ වනවිට අත්හිටුවා ඇති බවය.

අනතුරින් මියගිය 7 දෙනා අතර 8 හැවිරිදි දැරියක් ද වන බව පොලීසිය පවසයි.

එමෙන්ම ධාවන තරගයේ සහයකවරුන් 4 දෙනෙකු ද අනතුරින් මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.

COMMENTS