මල්වානේ මන්දිරය හරක් පට්ටියකට ඉල්ලයි

මල්වානේ මන්දිරය හරක් පට්ටියකට ඉල්ලයි

දැඩි ආන්දෝලනයක් ඇති කළ ගම්පහ ‘මල්වානේ නිවස’ ගව පට්ටියට ලබා දෙන ලෙසට අධිකරණ අමාත්‍යංශය වෙත ඉල්ලීමක් ඉල්ලීමක් ලැබී තිබේ.

ඒ, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සත්ත්ව ගොවිපොළවල රාජකාරි සිදු කළ පශු සම්පත් නිලධාරියකු විසින්.

ඝාතකාගාරවලින් නිදහස් කරගත් ගවයන් රැකබලා ගැනීමේ මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම සඳහා නිවස සහ ඉඩම ලබා දෙන ලෙසටයි ඉල්ලී ඇත්තේ.

ගව ඝාතකාගාරවලින් වටිනාකම ගෙවා නිදහස් කරගන්නා කිරි දෙනුන්ට හා වැස්සියන්ට ආහාර හා ඖෂධ ලබා දී රැක බලාගැනීම ඔහුගේ අරමුණ වී තිබෙනවා.

අධිකරණ තීන්දුවක් මගින් මල්වානේ දේපළ රාජසන්තක කර ඇති බව සඳහන්.

මෙම ඉල්ලීම පිළිබඳ කෙසේ කටයුතු කළ හැකි දැයි සොයා බලන ලෙසට අමාත්‍යංශයේ නීති අංශයට මේ යෝජනාව යොමු කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

මෙම ඉඩම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යංශයට තීරණයක් ගැනීමේ හැකියාවක් නැහැ.

නීතිපති දෙපාර්තමේන්තුවේ මතය විමසා ඉදිරි ක්‍රියාමාර්ගවලට යොමුවන බවයි, එම අමාත්‍යංශයේ නිලධාරියෙකු ජාතික පුවත්පතක් වෙත ප්‍රකාශ කර තිබුණේ.

මෙම මල්වානේ ඉඩම සහ ගොඩනැගිල්ල ගවයන් රැකබලා ගැනීමේ මධ්‍යස්ථානය පවත්වාගෙන යාමට සුදුසු අයුරින් පිහිටා තිබෙන බව ද ඉල්ලීම්කරු පෙන්වා දී ඇති බව සඳහන්.

COMMENTS