HIV ආසාදිතයින් සොයා රටපුරා SPA වටලයි

HIV ආසාදිතයින් සොයා රටපුරා SPA වටලයි

අනුරාධපුර නගරයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථාන කිහිපයක් වැටලූ පොලිසිය එහි සිටි කාන්තාවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පෙරේදා (01) අනුරාධපුර සිදු කළ මෙහෙයුම සම්බන්ධයෙන් තොරතුරු ලැබී තිබීම නිසා ඇතැම් සම්බාහන මධ්‍යස්ථාන වසා තිබූ බවයි වාර්තා වෙන්නේ.

කෙසේ වෙතත් අත්අඩංගුවට පත් 4 දෙනාට සමාජ රෝග වැළදී ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා ඊයේ දිනයේ වෛද්‍ය පරීක්ෂණයට යොමු කළ බවයි පොලිසිය සඳහන් කළේ.

මේ අතර මාතර නගරය ආශ්‍රිතව පවත්වාගෙ යනු ලබන සම්බාහන මධ්‍යස්ථානවල සේවය කළ තරුණියන් 12 දෙනෙකු ද පොලිස් භාරයට ගනු ලැබුවා.

එමෙන්ම බලපත්‍ර නොමැතිව නීති විරෝධීව පවත්වාගෙන ගිය සම්බාහන මධ්‍යස්ථාන 5ක් ද වසා දැමීමටද පියවර පියවර ගෙන තිබෙනවා.

පොලිස් භාරයට ගත් තරුණියන් ගාල්ල, කෑගල්ල, කොළඹ, පුත්තලම, අනුරාධපුර ප්‍රදේශවල පදිංචිකාරිණියන් බවයි වාර්තා වෙන්නේ.