සජිත් සමඟ විවාදයකට අනුර සූදානම් – සුනිල් හඳුන්නෙත්ති

සජිත් සමඟ විවාදයකට අනුර සූදානම් – සුනිල් හඳුන්නෙත්ති

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සමඟ ප්‍රතිපත්තිමය විවාදයකට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානයක සූදානම් බව සුනිල් හඳුන්නෙත්ති පවසනවා.

සමගි ජන බලවේගයේ බොහෝ මන්ත්‍රීවරු ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලය සමඟ විවාදයක් පැවැත්වීමට ආරාධනා කර ඇති බවද, ​ඒ පිළිබඳ තම පක්ෂය ඉතා සතුටු වන බවද ඔහු සඳහන් කළා.

එම ආරාධනාව තම පක්ෂය පිළිගන්නා බවද, රටේ දේශපාලනයේ තිබිය යුතු ගුණාත්මකභාවය රැකගැනීමට නම් පක්ෂ අතර ප්‍රතිපත්තිමය සංවාදයක් තිබිය යුතු බවද ඔහු පෙන්වා දෙනවා.

නමුත් ඉදිරියේදී පළමුව එළැඹීමට නියමිත ජනාධිපතිවරණයක් බැවින් පක්ෂ නායකයින්ගේ ප්‍රතිපත්ති ඔවුන්ගේම හඬින් ර​ටේ ජනතාව දැනගැනීම වැදගත් හෙයින්, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අතර එම විවාදය පැවැත්වීම වඩා ප්‍රතිඵලදායක වනු ඇති බවද, ලිඛිත ආරාධනාවක් ලැබුනොත් ඒ සඳහා සූදානම් බවද ඔහු සඳහන් කළා.

යම් හෙයකින් සජිත් ප්‍රේමදාස ඒ සඳහා අකමැති නම්, ඒ පිළිබඳ තම පක්ෂයට දැනුම් දෙන ලෙසද, එසේ වුවහොත් ඉන් අනතුරුව විවාදය පවත්වන්නේ කෙසේදැයි සාකච්ඡා කළ හැකි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

COMMENTS