නොමිලේ සනීපාරක්ෂක තුවා දෙන්න කැබිනට් අනුමැතිය

නොමිලේ සනීපාරක්ෂක තුවා දෙන්න කැබිනට් අනුමැතිය

තෝරාගත් පාසල්වල සිසුවියන් සඳහා නොමිලේ සනීපාරක්ෂක තුවා ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සමස්ත ශිෂ්‍ය ජනගහනය මිලියන 04ක් පමණ වන අතර ඒ තුළ වැඩිවියට පත් ශිෂ්‍යාවන් මිලියන 1.2ක් පමණ වන බවට ගණනය කර තිබෙනවා.

එම ශිෂ්‍යාවන් අතුරින් අති දුෂ්කර පාසල්, දුෂ්කර පාසල්, හුදෙකලා පාසල්, වතු පාසල් හා දරිද්‍රතා සිසු සිසුවියන් සහිත නාගරික පාසල්වල ඉගෙනුම ලබන ශිෂ්‍යාවන් 800,000කට මෙම වසරේ අප්‍රේල් මස සිට ක්‍රියාත්මක වන පරිදි වාර්ෂිකව සනීපාරක්ෂක තුවා නොමිලේ ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජය්න්ත් මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

මීට පෙර අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, රුපියල් 1,200ක වටිනාකමකින් යුත් වවුචර දැරියන් වෙත ලබාදීමට නියමිත බවයි

COMMENTS